සංචාරක සේවා ව්‍යාපාරයක් කරන ඔබට (Tour Guide කෙනෙකුට සහ Tour Agency එකකට, වෙනත් සේවා) Google Business Profile එකක් අවශ්‍ය වන්නේ ඇයි? එමගින් හරහා ලැබෙන වාසි මොනවද? අද article එක ඒ ගැනයි.
Importance of having a Google Business Profile
ශ්‍රී ලංකාවට already ඇවිත් ඉන්න touristsලා ක්ෂණිකවම සහ මුලින්ම කරන දේ තමයි Google එකේ search එකක් කරන එක. එයාලා විවධ දේ search කරන්න පුළුවන්.
"Best whale watching tour near me"
"Top-rated guide in Ella"
ඉතින් Google search resultsවල ඔයාගේ business එක පෙන්වන්නේ නැතිනම්, ඔයාට වෙන්නේ ඔයාගේ අතේ තියෙන එක කටේ දාගන්න බැරි වෙන එක. ඒ කියන්නේ ගොඩක්ම conversion potential එකක් තියෙන customer category එකෙන් easy business එකක් හැම දවසකම මග හැරෙන එක. මොකද මෙයාලා දැනටමත් ශ්‍රී ලංකාවට ඇවිත් ඉන්න අය.
එහෙනම් අපි බලමු Google Business Profile එකක් වගේ simple වගේම free platform එකක් හරහා ඔයාගේ business එක power up වෙන්නේ කොහොමද කියලා.
"ශ්‍රී ලංකාවට already ඇවිත් ඉන්න touristsලාට ඔයාගේ business එක ක්ෂණිකව සොයා ගන්න පුළුවන් වෙනවා."
Touristsලා local experiences සොයන විට Google Search සහ Google Maps හරහා ඔයාගේ business එක එයාලට suggest වෙනවා.
"Reviews සමඟ trust එක ගොඩනඟා ගන්න පුළුවන්"
සාමාන්‍යෙන් Touristsලා booking එකක් දාන්න කලින් අනෙකුත් Touristsලාගේ experiences ගැන හොයනවා. Quality එක සහ quantity එක වැඩි positive reviews ඔයාගේ business එකේ credibility එක වැඩි කරන අතරම ඔයාගේ competitorsලා වෙනුවට ඔයාව තෝරා ගැනීමට ඔවුන්ව පොළඹවනවා.
Reviews වලට respond කරන තරමට, ඔයාගේ business එකේ credibility එක වගේ engagement එකත් boost වෙනවා.
ඔයා දන්නවද? Touristsලාගෙන් 90% ක් personal recommendations තරම්ම online reviews විශ්වාස කරනවා
"Real-Time Information ඒ කියන්නේ updated සහ අලුත් තොරතුරු profile එකේ පෙන්වන්න පුළුවන්"
ඔයාගේ business එකේ working hours, contact information සහ location වෙනස් වෙන හැමවිටකම update කරන්න. Season changes හෝ holidays update කරන එක අනිවාර්යයි.
"ඔයා දෙන experiences showcase කරන්න හැකි වීම"
නිතරම අලුත් authentic, natural photos සහ short videos add කරන්න. Visuals booking එකක් දාන්න Touristsලාව encourage කරනවා වගේම තමන් එහි සිටින බව සිතින් මවා ගැනීමටත් එයාලට උදව් වෙනවා.
"Direct inquiries ලබා ගන්න"
Touristsලට directlyම ඔයාට call හෝ message කරන්න හරි directions ලබාගන්න එක හරි කෙලින්ම ඔයාගේ Google profile එකෙන් ලබා ගන්න පුළුවන්. සෑම inquiry එකක්ම potential booking එකක් බව අමතක කරන්න එපා - මේ විදියට මැදිහත්කරුවන් හෝ commissions නැතිව profit එක ඔයාටම ලැබෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.
"Google Insights සහ Analytics හරහා ඔයාගේ business එකට තියෙන demand එක ගැන idea එකක් ගන්නත් පුළුවන්"
මීක නම් පොඩි technical කතාවක්. කොච්චර පිරිසක් ඔයාව search කළාද, එයාලා කොහේ ඉදන් ආව අයද සහ එයාල ගත්තු actions මොනවාද කියල බලාගන්න Google Insights සහ Analytics ඔයාට උදව් වෙනවා. ඒවගෙන් එන තොරතුරු උඩ, වැඩි customersලා පිරිසක් ආකර්ෂණය කරගන්න, වඩා හොඳ promotions සහ timing plan කරන්න ඔයාට පුළුවන්.
ඔයාගේ Google Business Profile එක tourist කෙනෙකුගේ හිතේ ඔයාගේ business එක ගැන ඇතිවෙන මුල්ම impression එක — ඒ වගේම ඔයා නිදාගෙන ඉද්දි පවා එයා active 24 / 7 ම. ඔයාගේ Google Business Profile එක search කරන customer කෙනෙකුට ඔයාව introduce කරලා “I’m real, I’m nearby, and I’m ready to guide you.” කියල ඔයා ගැන trust එකත් build කරනවා.
ඉතින් හැම Tour Guide කෙනෙකුටම සහ Tour Agency එකකටම Google Business Profile එකක් කොච්චර වැදගත්ද කියලා දැන් ඔයාට පෙනෙනවා නේද?
ඔයාට තවමත් Google Business Profile එකක් නැති නම්, මෙතැනින් යන්න
ඔබට දැනටමත් Google Business Profile එකක් තියෙනවා නම් සහ එය optimize කරවා ගැනීමට අවශ්‍ය නම්, මෙතැනින් යන්න