Ceylonico Logo

දිට්වා නිසා hit වුණු ඔබේ tourism business එක ආයෙත් up කරන්නේ කොහොමද :Ceylonico වෙතින් guide එකක්

Published on Dec 19, 2025


මෑතකාලීනව Sri Lankan tourism industry එකේ ඇතිවූ වේගවත් වර්ධනය දිට්වා සුළිකුණාටුව නිසා යම් පසුබෑමකට මුහුණදුන් බව අපි කවුරුත් දන්නා දෙයක්. දිට්වා නිසා බොහෝ tour guidesලා, tourist driversලා, tour operatorsලා, homestays වගේ සියලුම tourism businesses වලට ආයෙත් ටිකක්

Stand after Ditwah

Stand after Ditwah

👉 Booking අඩුවුණා. 👉 Inquiries අඩුවුණා. 👉 Plans පස්සට ගියා.

හැබැයි දිට්වා කියන්නේ Sri Lankan tourism මුහුණ දුන් මුල්ම හෝ එකම අභියෝගය නෙමෙයි. අපි 30 වසරක සිවිල් යුද්ධයකට මුහුණ දුන්නා. පාස්කු ප්‍රහාරයට මුහුණ දුන්නා. Covid- 19 pandemic එකට මුහුණ දුන්නා. හැබැයි අපි වැටුණේ නැහැ. Sri Lankan tourism ආයේ ආයෙත් නැගිට්ටා.

"ඉතින් මේ පාරත් අපිට බැරි නැහැ.අපි ආයෙත් නැගිටලා "Sri Lankan tourism always recovers" කියලා ලෝකෙටම පෙන්වමු."

🌱මේක අවසානයක් නෙමෙයි – මේක reset එකක්

"දිට්වා" අපිව නොසෑහෙන්න දුකට පත්කළා. ගම් පිටින් අපේ සහෝදර සහෝදරියන් වළලලා දැම්මා. හැබැයි එත් එක්කම අපිට මෙතෙක් කිසිම දවසක අපිට හමුවෙලා නොතිබුණු සහෝදර සහෝදරියන් පිරිසක් අපිට ලෝකේ හතර වටින්ම හම්බුණා. ඒගොල්ලෝ අමාරු අවස්ථාවේදී අපිට උදව් කරලා ආපහු එයාලගේ රටවලට ගියා. හැබැයි ඒ අපේ පුංචි රට ගැන ආදරයක් ඇතිව. ඉතින් එයාලා දන්නා අයට අපි ගැන කියයි. අපේ රටේ ඉන්න රත්තරන් හදවත් තියෙන මිනිස්සු ගැන කතාකරයි. අපි කොච්චර සංග්‍රහශීලි, සානුකම්පිත ජාතියක් කියලා අනිත් අයට කියයි. බය වෙන්න එපා මේ hit එක reset එකක් කරගෙන අපි ආයෙත් game එකට බහිමු.

Tourism කියන්නේ seasonal industry එකක්. Touristsලා එන එක අඩු වුණා කියලා, එයාලා travel destinations search කරන එක, vacations plan කරන එක නම් නවත්වන්නේ නෑ. ඉතින් වෙන කවදාටත් වඩා මේ වගේ අවස්ථාවල තමයි ඔයාගේ online presence එක තියෙනවද කියන එක වැදගත් වෙන්නේ.

මොකද මේ වෙලාවේ ඔයාගේ social media channels වල, travel pages වල, අපේ රට ආපහු travel safe destination එකක් කියන පණිවිඩය වගේම, ඔයාලා ආයෙත් guestsලාව welcome කරන්න ready කියන පණිවිඩය ලෝකෙට communicate කරන්න ඕනේ. ඒක කරන්න තියෙන හොදම විදිය තමයි online presence එක build කරගන්න එක, build වෙලා තියෙන online presence එක තවත් ශක්තිමත් කරගන්න එක.

ඔයාලා මේ reset time එකේදී ඔයාලගේ online presence එක build කරගන්න, build වෙලා තියෙන online presence එක තවත් ශක්තිමත් කරගන්න. ඔයාලගේ online visibility එක grow කරගන්න. එතකොට guestsලා Sri Lankan travel destinations search කරන, vacations plan කරන මේ කාලේදී එයාලාට ඔයාව suggest වෙනවා.

මේ කාලේදී ඔවුන් search කරන්නේ: Sri Lanka tour guide Tourist driver in Sri Lanka Things to do in Sri Lanka Local tour operators Sri Lanka වගේ search keywordsනේ.

ඒ searches වලදි ඔබේ online presence එක වැඩි නම්, ඒ කියන්නේ ඔයාව එයාලට online visible නම්, ඔන්න ඔයාට opportunity එක ඔබට ලැබෙනවා එයාලාට serve කරන්න.

"ඉතින් දැන් ඔයාට තේරෙනවා Online visibility එක තමයි recovery එකේ පළමු පියවර කියලා."

මේ වත්මන් තත්ත්වය තුළ Sri Lankan tourism businessesවලට digital presence කියන එක optional නෙමෙයි. ඒක must have.

🌱 හරි. දැන් ඉතින් කොහොමද මේ කාලෙට ගැළපෙන්න Online visibility එක grow කරගන්නේ ?

මේ කාලයේ ඔබ focus කරන්න ඕනේ පහත දේවල් වලට; 🚀 Google Business Profile update කරන්න. විශේෂයෙන්ම ඔයා operate වෙන වෙලාවල්, දවස්, ඔයාගේ දැනට recover කරගත්තු, offer කරන්න පුළුවන් කියලා sure services දාලා update කරන්න. Recently updated profiles වලට credibility වැඩි නිසා ලැබෙන visibility එකත් වැඩියි, එතකොට ඔයාව Google searches වල මුලින්ම පෙන්නන්න තියෙන ඉඩත් වැඩියි.

🚀 Tourism website එකක් තියෙනවා ඒක නම් improve කරන්න. අපි නිකන් හිතමු blog feature එකක් ඔයාගේ website එකට add කරලා කාලීන දේවල් ගැන ලියනවා කියලා. උදාහරණයක් විදියට ඔයා blog post එකක් ලියනවා "Sri Lankan Tourism is back on feet after the storm Ditwah ". Sri Lankan vacations plan කරන ගමන් ඉන්න foreigner කෙනෙක් අනිවාර්යෙන්ම මේ blog article එක කියවනවා. Blog එකට කට්ටියව guide කරන්න ඔයාට social media posts වුණත් use කරන්න පුළුවන්.

🚀 Website එකක් නැත්නම් create කරගන්න. මතක තියාගන්න locally run වෙන, ඒ කියන්නේ customer base එක රට ඇතුලෙම ඉන්න businesses වලට වගේ නෙමෙයි, international business එකක් වෙන tourism services වලට professional website එකක් අත්‍යවශයි. ඒකෙන් ඔයාගේ service එක ගැන තියෙන credibility එක ගොඩක් වැඩිවෙනවා වගේම ඔයාගේ brand recognition එක සහ online visibility එකත් වැඩිවෙනවා.

🚀 social media වල active වෙන්න. social media වල updated services, ඒ කියන්නේ දැනට offer කරන්න පුළුවන් services ගැන updates share කරන්න. ඉක්මනින් resume කරන ඉතිරි services ගැන hopeful විදියට communicate කරන්න. මේ updates නිසා ඔයා accountable, responsible business එකක් බව communicate වෙනවා.

🚀Online reviews collect කරන්න. ඉල්ලගන්න බැරිවුණ, වැඩ මැද්දේ ඉල්ලගන්න අමතක වුණ online reviews collect කරන්න. අලුත් Reviews නිසා ඔයාගේ online visibility එක තවත් ඉහළ යනවා.

"මේ විදියට, මේ busy නැති quiet season එක, ඔයාගේ business එක international level එකට build කරන්න, upgrade කරන්න use කරන්න."

"එතකොට මේ recovery period එක waste වෙන කාලයක් වෙන්නේ නෑ. මේක ඔයාගේ business එක ඉස්සරහට එන seasons වලට prepare වෙන, grow වෙන කාලයක් වෙනවා."

ඉතින් මේ කාලයේ ඔබට පුළුවන්, අපි කියපු විදියට 🌍 ඔබගේ digital assets organize කරගන්න. 🌍 ඔබගේ branding strong කරගන්න ඔබ අද කරන මේ වැඩ තමයි upcoming season එකේදි ඔයාට එන bookings decide කරන්නේ.

ඔයාලගේ tech and business partner විදියට ඔන්න Ceylonico අපි, මේ කාලය ආයෙත් recover වෙන්න කොහොමද use කරගන්නේ කියලා ඔයාලට guide එකක් දුන්නා. මේ tips ඔයාලා use කරොත් මේ කාලෙට විතරක් නෙමෙයි, හැමදාටම ඔයාගේ business එක අනිත් businesses අතර ඉහලින්ම තියේවි.

"මොකද Ceylonico අපි හැමදාමත් ඔයාලව ready කරන්නේ tours දෙක තුනක් ගොඩදාගන්න විතරක් නෙමෙයි, long term game එකක් හරියට play කරන්න."

"ඒ කියන්නේ Long-term growth එකට guide කරන එක, සෝඩා බෝතලේ කැඩුවා වගේ, temporary hype එකක් වෙනුවට, short cuts නැතුව strong foundations හදන එක. ඒ තමයි Ceylonico අපේ motto එක."

ජිවත් වෙද්දී එහෙම තමයි ; කුණාටු කාල එනවා,Slow seasons එනවා. නමුත් authentic Sri Lankan travel experiences වලට demand එක ආයෙත් එනවා. ඒ වෙලාවට ඒ demand එකට ගැලපෙන්න ඔයාගේ ගේ business එක: ⭐ online visible වෙලා තියෙන්න ඕනේ ⭐ trusted වෙලා තියෙන්න ඕනේ ⭐ booking convert කරන්න ready වෙලා තියෙන්න ඕනේ

අදට එච්චරයි. එන්න අපි එකටම ආයෙත් නැඟිටිමු!

"📲 ඔබගේ online presence එක strong කරගන්න help එකක්, advice එකක් ඕනේ නම් Ceylonico අපිට WhatsApp message එකක් දාන්න."