Ceylonico Logo

ශ්‍රී ලංකාවේ Home-Stays සහ Boutique Accommodation Owner කෙනෙක්ද? එහෙනම් මෙහෙම පටන්ගන්න

Published on Mar 01, 2026


ඔයාගේ Home-Stay එකට හෝ Boutique Accommodation facility එකට Booking.com හෝ Airbnb වැනි OTA (Online Travel Agencies) වලින් bookings ලබා ගැනීමට struggle කරන්නේ නම්, ගැටළුව සාමාන්‍යයෙන් OTA platform එක නිසා ඇතිවෙන්නක් නෙමෙයි.

"ගැටළුව තියෙන්නේ ඔයාගේ accommodation business එකේ foundation එකේ."

Ceylonico අපිට හමුවෙන ගොඩක් accommodation service providersලා තමන්ගේ property එක OTAs වල sign up කරන්නේ credibility එක, ඒ කියන්නේ විශ්වසනීයත්වය build කරගෙන නෙමෙයි. ඉතින් එතකොට ඔවුන් competitorsලත් එක්ක compete කරන්නේ booking price එක මත පමණමයි. Bookings ගන්න කියලා booking price එක හැමෝටම වඩා පහළ දැම්මම ඉතින් profit එක අඩු වෙලා loss පිට දුවන්න විමෙන් ඉතිරිවෙන්නේ කලකිරීම විතරයි.

Tourism කියන්නේ බොහොම dynamic, ඒ කියන්නේ වේගයෙන් වෙනස් වෙන industry එකක්. ඉතින් මේ වගේ ප්‍රශ්න වලට solutions හොයාගෙන bounce back වුණේ නැතිනම් ඔයාට මේ අතිශයින්ම competitive field එකේ ඉන්න බැරිවෙනවා.

"ඉතින් අද අපි බලමු booking price එක මතම compete නොකර, profitable accomodation service එකක් build කරන්නේ කොහොමද කියලා."

Ceylonico අපි අද ඔයාට අරන් ආවේ මුලින්ම strong brand එකක්, ඒ කියන්නේ ඔයාගේ business එකේ foundation එක ගොඩනඟා ගැනීමෙන්, OTA conversions වැඩි කරන step by step guide එකක්.

Step 1: Google Business Profile එකක් එක්ක start කරන්න

"OTA platforms වලට කලින්, ඔයා Google හි online visibility එක build කරගන්නම ඕනේ."

Travelersලා online අවකාශයේ "Homestay in Ella”, “Boutique villa in Negombo”, “Best stay near Sigiriya”, “Beach guest house Sri Lanka” වගේ search keywords වලින් accommodation services search කරන කොට ඔයාගේ property එක Googleහි ඔවුන්ට පෙන්වන්න ඕනේ.

ඔයාට Google Business Profile එකක් මෙච්චරටම වැදගත් ඇයි?

  • Touristsලා Google search results trust කරනවා
  • ඔයාගේ profile එකේ Whatsapp/phone number එක ක්ෂණිකව පෙන්වනවා. ඉතින් දැන් එයාලට ඔයාට directly message කරන්න පුළුවන්
  • හැබැයි tourist කෙනෙක්, Google එකේ search කරද්දී ඔයාව Google search resultsවල පෙන්වන්න නම් ඔයාට strong profile එකක් maintain වෙලා තියෙන්න ඕනේ. මේ සදහා ඔයාට Google reviews අත්‍යවශ්‍ය වෙනවා. මොකද tourist කෙනෙක් වගේම Google එකත් ඔයාගේ service එක ගැන credibility එක, ඒ කියන්නේ විශ්වසනීයත්වය build up කරගන්න ප්‍රධානම aspect එකක් තමයි Google reviews කියන්නේ.
  • අනිත් එක තමයි Google Business Profile එකක් තියෙද්දී ඔයාව Google Maps වලත් පෙන්වනවා.
  • OTAs ඔයාගේ මේ online presence එක පරීක්ෂා කරනවා.

"Strong Google listing එකක් OTAs වල approve වෙන්න සහ search results වල ඉහළින්ම ඔයාගේ business එක rank කරගන්න උපකාරී වෙනවා."

Step 2: Simple, Professional Landing Page Website එකක් create කරගන්න

ගොඩාක් accommodation property ownersලා ලොකු වියදමක් යන වැඩක් කියලා මේ step එක මඟහරිනවා.

"නමුත් මෙන්න සත්‍යය: Bookingsවලින් 90% ක් OTAs වලින් ආවත්, website එකක් එම OTA listings කෙරෙහි trust එක වැඩි කරලා ඒ bookings එන්න පසුබිම හදනවා."

ඔයාගේ property එකට Simple Landing Page Website එකක්, ඒ කියන්නේ සියලුම details දාපු home page එකක් විතරක් තියෙන website එකක් තිබුණම හොදටම ඇති. Ceylonico අපේ Landing Page Website එකක් හදාගන්න යන්නේ domain එකට සහ server එකට යන cost එක විතරයි. ඒ කියන්නේ අපි ඔයාලගෙන් development cost එකක් අය කරන්නේ නැහැ. domain එකට සහ server එකට යන cost එක අපිට ලැබෙන එකකුත් නෙමෙයි.

"ඒ වගේ Website එකක් OTAs වල උඩින්ම rank වෙන්න උදව් වෙනවා වගේම වගේම pocket එකටත් වාසියි."

ඔයාගේ website එකට ඇතුළත් විය යුත්තේ:

  • Beautiful room photos
  • Touristsලා ඔයාගේ property එකේ ගන්න experiences පෙන්වන photos
  • Amenities (පහසුකම්) list එක
  • Location map එක
  • Nearby attractions (අසල ඇති ආකර්ෂණීය ස්ථාන)
  • ඔයාගේ story එක (උදාහරණයක් විදියට මේ property එකේ ආරම්භය වගේ )
  • Direct WhatsApp button
  • Simple booking inquiry form

Tourist කෙනෙක් Booking.com හි ඔයාගේ property එක දැකලා, ඔයාව Google කරන කොට මේ වගේ clutter free professional සහ simple website එකක් දකිද්දී, එයාලට ඔයාව book කරන්න safe කියලා feel වෙනවා.

"මේ නිසා ඔයාගේ property එකේ OTA conversion rate එක වැඩිවෙනවා."

Step 3: TripAdvisor හි list වී approval එක ලබා ගන්න

Travelersලා තවමත් TripAdvisor use කරන්නේ:

  • Authentic reviews
  • අදාළ ප්‍රදේශයේ businessesවල ranking
  • Real guest photos
  • අදාළ ප්‍රදේශයේ businessesවල විශ්වසනීයත්වය සම්බන්ධ comparisons සදහායි.

"TripAdvisor listing එකක් trust amplifier එකක් මෙන් ක්‍රියා කරයි."

ඒ වගේම තමයි TripAdvisor listing එකක් මගින්,

  • Google දෘශ්‍යතාව
  • International exposure එක
  • ඔයාගේ brand එකේ authority එක වැඩිදියුණු කරයි.

Google Business listing එකෙදි වගේම මෙහිදීත් වැදගත්ම දේ තමයි අලුත් photos සහ reviews වරින් වර add වෙන්න සලස්වලා ඔයාගේ business එක actively run වෙන, නිතර update වෙන එකක් කියලා TripAdvisor algorithm එකට ඒත්තු ගැන්වීම .ඒ නිසාම ඔයාගේ business listing එක TripAdvisorවල ඉහළින්ම rank වෙනවා. ඉහළින්ම rank වෙන businesses තමයි guestsලා තෝරාගන්නේ.

Step 4: ශක්තිමත් Review System එකක් ගොඩනඟන්න (Ceylonico Smart Card උපාය මාර්ගය)

"Reviews තමයි ඔයාගේ බලවත්ම අවිය"

"ඒ නිසා මතක ඇතුව සෑම pleasant stay එකකටම පසු ඔයාගේ guestගෙන් review එකක් ඉල්ලා ගන්න."

අපේ සමහර tourism service providersලා reviews ඉල්ලන්න පොඩි මැලිකමක් දක්වනවා. ඒකට හේතුව තමයි ගොඩක් guestsල ඉල්ලුව පමණින්ම reviews නොදීම. මේක එයාලගේ වරද්දකුත් නෙමෙයි ඇත්තටම. මේ සදහා ප්‍රධානම හේතුව තමයි review එකක් දෙන process එක කරදරකාරී වීම.

"මේ ප්‍රශ්නය සදහාම විසදුමක් විදියට තමයි අපි Ceylonico Smart Card එක නිර්මාණය කලේ."

Ceylonico Smart Card එක මගින් reviews දෙන process එක ගොඩක් ලේසි කරලා දීල තියෙනවා. මේ වෙනකොට Ceylonico අපේ clientsලා review collection එක නියමෙටම කරගෙන යනවා. Ceylonico Smart Card එකත් එක්කම Smart QR Card එකකුත් ලැබෙන නිසා link එකක් විදියට share කරන්න වගේම print කරපු card එක guest ලවා scan කරවාගෙන review එක ගන්නත් පුළුවන්.

"ඒත් එක්කම සෑම review එකකටම professional විදියට reply කරන්න අමතක කරන්න එපා."

අපේ Ceylonico Smart Card එක ගැන වැඩි විස්තර අවශ්‍ය අය පහත link එකෙන් අපි ඒ ගැන ලියපු article එකත් කියවලා බලන්නකෝ. https://ceylonico.com/blog/introducing-ceylonico-smart-card

"OTAs වල ඉහළින් rank වීමෙන්, වඩා හොඳ conversion rate එකක් සහ Booking price වැඩි කිරීමේ හැකියාව ඔයාට ලැබෙනවා."

Step 5: දැන් ඔයාගේ OTA profiles optimize කරන්න

"ඔයාගේ foundation ready වුණාට පස්සේ, Booking.com, Airbnb, Agoda වගේ OTA platforms set up කරගන්න Ceylonico අපි ඔයාට උදව් කරන්නම්."

මේ profiles set up කිරීමේදී අපි ඔයාට පහතින් දක්වලා තියෙන දේවල් සදහා උදව් කරනවා

  • නිවැරදි property category එක select කරගැනීම
  • Strong property description එකක් සකස්කරගැනීම
  • Optimized room titles (කාමරවලට ගැලපෙන titles decide කිරීම)
  • නිවැරදිව amenities list කිරීම
  • High-quality photos වර්ග කිරීම
  • Pricing strategy සදහා මග පෙන්වීම

Google + Website + TripAdvisor + Reviews එකට වැඩ කරන කොට තමයි , OTAs ඔයාගේ property එකට පහත rewards ලබා දෙන්නේ:

  • වඩා හොඳ online visibility එකක්
  • Higher ranking
  • More bookings
  • Booking prices අඩු කිරීමට අඩු අවශ්‍යතාවයක්

ඇයි මේ Brand First, OTA Next කියලා කියන්නේ?

OTAs යනු marketplacesය .Marketplace එකක: Strong brands ජය ගනී. Weak listings price එක මතම තරඟ කරයි. හරිම සරලයි නේද?

Ceylonico අපි ඔයාට උදව් කරන ආකාරය

Ceylonico අපි Home-Stay සහ Boutique Accommodation ownersලට පහත services ලබාදෙනවා.

  • Consultation & digital planning
  • Google Business setup
  • Affordable professional website
  • TripAdvisor listing & approval guidance
  • Review system implementation
  • OTA setup and optimization guidance

Step by Step ඔගේ OTA bookings sustainable ලෙස වැඩි වන ආකාරය මෙයයි.

"Ready to Increase Your Bookings?"

"අදම ඔයාගේ property එකේ Digital Foundation ගොඩනැගීම පටන්ගන්න."

අදම Ceylonico අපිට කතා කරන්න, නැතිනම් WhatsApp හරහා message කරන්න