Ceylonico Logo

මේ ලෝක යුද්ධ මැද්දේ අපේ tourism business එක ගොඩදාගන්නේ කොහොමද?

Published on Mar 18, 2026


"Touristsලා එන එක ටික දවසකට නතර වුණා කියලා ඔයාගේ tourism business එකේ growth එක නතර වෙනවාද?"

"අපොයි නැහැ."

ඒ ටික කාලේදී දිග හුස්මක් අරන් ඔයාගේ tourism business එක දිගටම grow කරන්න ඔයාට පුළුවන්. අද Ceylonico අපි අරන් ආවේ එහෙම ඔයාගේ tourism business එක දිගටම grow කරන්නේ කොහොමද කියලා අපේ රටේ සුවහසක් tourism industry professionalsලා සඳහාම ලියවුණු සඳහා step by step guide එකක්

පසුගිය සති කිහිපය තුළ, ඔයාලගෙන් බොහෝ දෙනෙකුට - ඔයා tour guide කෙනෙක් ,tourist driver කෙනෙක්, adventure activity provider කෙනෙක් හෝ homestsy හෝ villa එකක owner කෙනෙක් වේවා - මේක දැනිලා තියෙනවා. මොකක්ද?

  • Inquiries අඩුයි
  • Cancellations වැඩියි
  • කලින් real go එකක් තිබුණු tourism industry එකේ හදිසි silence එකක්

Middle-East වල ප්‍රධාන ගුවන් මාර්ග කඩාකප්පල් වීමත් එක්ක, ශ්‍රී ලංකාවට touristsලා පැමිණීමත් හොඳටම slow වෙලා. ඔයාලගෙන් බොහෝ දෙනෙකුට, මේක නිකන් side income ලැබෙන gig එකක් නෙමෙයි. - ඒ තමයි ඔයාගේ daily income එක. කොහොම වුණත් මේ තත්වය ඔයාගේ control එකේ තියෙන දෙයක් නෙමෙයි.

"නමුත් ඔයාගේ control එකේ තියෙන දේ තමයි මේ කාලය තුළ ඔයා කරන දේ…"

මුලින්ම ඔයා මේ ගැන සර්ව අශුභවාදී විදියට සිතීම (Pessimistic Overthinking) නවත්තන්න. මේ ගැන හිතන විදිය මේ විදියට redefine කරගන්න.

"This Is Not a Stop. It’s a Window"

මෙවැනි කාලවලදී බොහෝ අයකරන්නේ කණගාටු වෙවී කල් මරන එක.හැබැයි අනිත් අය එහෙමයි කියලා ඔයා එහෙම කරන්න එපා. ඔයා එන්න grand come back එකකට prepare වෙන ගොඩට. බලන්නකෝ මේ දැන්, ඔයාට ලැබිලා තියෙන්නේ නිතරම hustle එකේ run වෙන, කිසි වෙලාවක නැවතිල්ලක් නැතිව වෙනස් වෙන tourism වගේ industry එකක බොහොම දුර්ලභ කාලයක්.

"මේ ඇවිත් තියෙන්නේ,Industry එකේ busy කාලවලදී ඔයාට කරන්න බැරි, ඔයාගේ business එකේ digital presence එක build කරගැනීමේ කාලයයි."

එන්න. අපි මේ කාලය growth phase එකක් බවට transform කරගමු.

✅ ඔයාගේ Comeback Checklist එක (Step-by-Step)

ඉදිරි සති කිහිපය සඳහා මේ checklist එක simple action plan එකක් විදියට use කරන්න.

🔹 STEP 1: Past Guestsලත් එක්ක reconnect වෙන්න

  • ☐ ඔයාගේ past clientsලගේ list එකක් සාදන්න (phone, WhatsApp, email)
  • ☐ ඔවුන්ට නැවත ස්තූති කරමින්, ඔවුන්ගේ සුවදුක් විමසමින් බොහොම friendly casual message එකක් යවන්න
  • ☐ ඔබේ සේවාව ගැන review එකක් තැබීමට බොහොම politely ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න

මෙතනදී වැඩිපුරම focus කරන්න ඕන platforms තමයි:

  • 1
    Google Business Profile
  • 2
    TripAdvisor
  • 3
    Booking.com/ Agoda/ GetYourGuide/ Airbnb
  • 4
    Facebook Page

"👉 Goal: අවම වශයෙන් අලුත් quality reviews 10–20ක් (Quality reviews කියන්නේ සවිස්තරාත්මක, ඔයාලා tour එකේදී ගත්තු photos සහිත reviews)"

🔹 STEP 2: Simple Review System එකක් Set Up කරගන්න

මතක තියාගන්න. මේ guestsලා ඔයත් එක්ක tour එකක් ගිහින් දැන් ටිකක් කල් ගතවෙලා වෙන්න පුළුවන්. ඉතින් හොඳම දේ තමයි reviews දෙන process එක පුළුවන් තරම් ලේසි, ඉක්මන් එකක් කරන එක. ඒ වගේම මේක ඔයා කරන professional request එකක් විදියට එයාලගේ හිතේ impression එකක් ඇතිවීම.

  • ☐ Direct review link එකක් create කරන්න
  • ☐ Easy access එකක් සඳහා QR code එකක් generate කරන්න
  • ☐ සෑම tour එකකින්ම පසු යැවීමට message template එකක් ready පිට තියාගන්න (Guestගේ නම විතරක් වෙනස් කරලා යවන්න පුළුවන් විදියට )
  • ☐ ඒ message template එක නැවත use කරන්න පුළුවන් නිසා save කරලා තියාගන්න

"👉 Goal: Reviews ලබාදීම පහසු, වේගවත් සහ ඔයාගෙම style එකකට unique විදියට කරන්න"

🔹 STEP 3: ඔයාගේ Social Media Presence එක level up කරගන්න

  • ☐ Facebook, Instagram සහ tiktok pages active බවට සහතික කරන්න
  • ☐ profile photo සහ cover image එක update කරන්න (එතකොට past guestsලත් ඉන්න ඔයාගේ friends list එකටම ලාවට පණිවිඩයක් යනවා ඔයා තාමත් game එකේ ඉන්න බව)
  • ☐Contact buttons (WhatsApp, call) add කරන්න
  • ☐ අවම වශයෙන් සතියකට 2–3 වතාවක්වත් අලුත් contents post කරන්න (ඒ ඒ tours ගියඔයාගේ guestsලව, ඒ locations tag කරන්න අමතක කරන්න එපා)

මෙන්න Post කරන්න Content ideas ටිකක්:

  • Guest experiences
  • Wildlife හෝ special moments
  • Travel tips
  • ඔයාගේ toursවල short stories

"👉 Goal: ඔයාගේ real experiences තමයි මේ වෙලාවේ ඔයාගේ past clientsලට ඒ tours මත්ක්කරලා දෙන එක සහ ඊළඟ vacation එකේදී ඔයාව book කරගෙන Sri Lankan tour එකක් plan කරන අලුත් potential guestsලා කට්ටියක් හදාගන්න එක"

🔹 STEP 4: ඔයාගේ Business Website එක improve/ update කරගන්න.Website එකක් නැතිනම් create කරවාගන්න

Tourism professionalsලා ගොඩක් ය හිතනවා website එකක් කියන්නේ වියදම් වැඩි, ලොකුවට ප්‍රයෝජනයකුත් නැති සුදු අලියෙක් කියලා. ඉස්සර නම් එහෙම වෙන්න ඇති. හැබැයි තවදුරටත් ඒක ඇත්තක් නෙමෙයි. Ceylonico අපි ඒ ඇත්ත ක්‍රියාවෙන්ම පෙන්වලා තියෙනවා.

ඔයාගේ website එකට පහත improvements කරන්න;

  • ☐ ඔයාගේ services පැහැදිලිව add කරන්න
  • ☐ ඔයාගේ story එක පැහැදිලිව කියන්න (who you are, why you do this)
  • ☐ සැබෑ toursවල photos showsase කරන්න
  • ☐ කලින් ඔයාගෙන් services ගත්තු clientsලගේ reviews display කරන්න
  • ☐ Direct contact option එකක් (WhatsApp button එකක් වගේ) add කරන්න

"👉 Goal: Simple, single page website එකක් පවා, ඔයාගේ business එකට ක්ෂණික trust එකක් සහ professional feel එකක් add කරයි"

🔹 STEP 5:Touristsලා tourism services search කරන online platformsවල listing එකක් create කරගන්න/ maintain කරන්න

  • ☐ ඔයාගේ Google Business listing එක improve කරගන්න (ඔයාගේ සියලුම details add කරන්න/ update කරන්න, Google Business listing එකක් නැතිනම් create කරගන්න)
  • ☐ ඔයාගේ TripAdvisor listing එක Optimize කරන්න
  • ☐ අවශ්‍ය නම් GetYourGuide, Booking.com, Agoda වගේ business type එකටම සුවිශේෂී listing එකකටත් යන්න
  • ☐ මේ online tourism platformsවල, ඔයාගේ toursවල/ ඔයාගේ property එකේ high-quality photos add කරන්න
  • ☐ මේ online tourism platformsවල ඔයාගේ services ගැන clear descriptions ලියන්න

"👉 Goal: International touristsලාගේ search results වල ඔයාගේ business එක suggest වීම"

🔹 STEP 6: ඔබේ Brand එක ගොඩනැගීම පටන්ගන්න

  • ☐ ස්ථාවර business name එකක් තෝරන්න (හැම online platform එකකම මේ නම එකම විය යුතුයි)
  • ☐ හැම online platform එකකම එකම logo එක /profile picture එක use කරන්න
  • ☐ ඔයාගේ guestsලත් එක්ක call/ message කරද්දී professional tone එකකින්, ඔයාගේ brand එක highlight කරමින් කතාකරන්න
  • ☐ Tourism related online platforms සහ social media pagesව වල posts හරහා ඔයාගේ knowledge එක, මේ field එකේ expertise showcase කරන්න

"👉 Goal: ඔයාගේ brand name එක guestsලාගේ හිතේ position කිරීම"

🔹 STEP 7: Touristsලාගේ නැවත පැමිණීම සඳහා දැන් ඉඳන්ම prepare වෙන්න

  • ☐ ඔයාගේ tour packages, වඩාත් guest-friendly විදියට restructure කරන්න
  • ☐ Inquiries සඳහා quick response templates සකස් කරගෙන තියාගන්න
  • ☐ Tourism related online platformsවල (TripAdvisor, GetYourGuide, Booking.com, Agoda වැනි) active වෙන්න
  • ☐ Active social media presence එකක් පවත්වා ගන්න

"👉 මේ කලබල ඉවරවෙලා Guestsලා ආයෙත් අපේ රටට toursවලට පැමිණෙන විට, ඔවුන් ready සහ reliable ලෙස පෙනෙන tourism services තෝරා ගනු ඇත."

Reality එක (සහ දුර්ලභ Opportunity එක)

"මෙම slowdown එක තාවකාලිකයි!"

නමුත් මේ වෙලාවේ ඔයා build කරන online presence එක ඉදිරි වසර ගණනාව පුරාම ඔයාට guestsලා අරන් එන investment එකක්. ඉතින් ඔයාගේ competitorsල මුකුත් නොකර බලා සිටියදී… ඔයා game එකට enter වෙන්න.

මේ Sri Lankan tourism industry එක මුහුණ දුන් මුල්ම හෝ එකම අභියෝගය නෙමෙයි. අපි 30 වසරක සිවිල් යුද්ධයකට මුහුණ දුන්නා. පාස්කු ප්‍රහාරයට මුහුණ දුන්නා. Covid- 19 pandemic එකට මුහුණ දුන්නා. Ditwah සුළිකුනාටුවට මුහුණ දුන්නා.හැබැයි අපි වැටිලාම හිටියේ නැහැ. Sri Lankan tourism ආයේ ආයෙත් නැගිට්ටා.

"ඉතින් මේ පාරත් අපිට බැරි නැහැ. අපි ආයෙත් නැගිටලා "Sri Lankan tourism always recovers" කියලා ලෝකෙටම පෙන්වමු."

ඔන්න ඔයාලගේ tech and business partner විදියට ඔන්න Ceylonico අපි, මේ hit එකෙන් ආයෙත් recover වෙන්නේ කොහොමද කියලා ඔයාලට guide එකක් දුන්නා.මේ tips ඔයාලා use කරොත් මේ කාලෙට විතරක් නෙමෙයි, හැමදාටම ඔයාගේ business එක අනිත් businesses අතර ඉහලින්ම තියේවි.

අදට එච්චරයි.

"මතක තියාගන්න - Ceylonico අපි ඔබ සමඟමයි!"