Published on Nov 03, 2025
"ඔයාගේ Tourism Business එක දැනට තියෙන stage එක ගැන දැනගන්න ඕනේ ඇයි? ඒකෙන් තියෙන ප්‍රයෝජනය මොකක්ද වගේ දේවල් ඔයාටත් හිතෙනවද?"
"එහෙනම් මේ article එක ඔයාටමයි."
Let's find the Digital Presence level of your business
සරලවම කිව්වොත් ඔයාගේ business එක දැනට තියෙන stage එක ඔයාගෙම business ඒකට ගැළපෙන individualized growth plan එක හදාගන්න ගොඩක් වැදගත්.
ඔයාම දන්නා විදියට එකම field එකක තියෙන businesses වුණත් perform වෙන්නේ එකිනෙකට බොහොම වෙනස් විදියට. ඒ වගේමයි ඔයා tour guide/ tour agent කෙනෙක් වුණත්, Tourist driver කෙනෙක් වුණත්, accommodation services offer කරන කෙනෙක් වුණත් හෝ wellness වගේ experiences කරන කෙනෙක් වුණත්, ඔබේ ව්‍යාපාරයේ වර්ධනය සිද්ධවෙන්නේ පැහැදිලි steps කිහිපයක් දිගේ. එකත් හරියට අපි යන ගමනක් වගේ. ගමනක් තැන් කීපයකින් එකවර පටන්ගන්න බෑ වගේම business growth journey එකත් එහෙමමයි.
ඔක්කොටම කලින් ඔයාගේ business එක දැනට තියෙන stage එක තේරුම් ගැනීමෙන්, අනිත් අය, විශේෂයෙන්ම ඔයාගේ competitorsලා කරන හැමදේම කරන්න ගිහින් වැඩේ අවුල් කරගන්නවාට වඩා ඔයාගේම business එකට, හරියටම හරියන next step එක මොකක්ද කියලා දැනගෙන, stress-free, productive business growth එකකට යන්න ඔයාට පුළුවන්.
Ceylonico අපි business stages 6ක් define කරලා තියෙනවා.Ceylonico අපිව partner කෙනෙක් කරගෙන, මේ ගමන යන්න කැමති නම් ඔයාගේ business stage එක මොකක්ද කියලා අපිත් එක්ක share කරගන්න. ඉතිරි ටික Ceylonico අපි බලාගන්නම්.
"ඒකට ඔයාට කරන්න තියෙන්නේ ඔයාට අදාළ stage එකට යටින් තියෙන [This sounds like me!] කියන button එක click කරන්න විතරමයි !"
මතක තියාගන්න, මේ හැම stage එකකටම අදාළව වෙනම ඉලක්ක, අභියෝග සහ digital actions තියෙනවා.
"විනාඩි කීපයක් අරගෙන ඔයාගේ business stage එක මොකක්ද කියලා පොඩ්ඩක් බලන්නකෝ👇"
"ඉලක්කය: ඔයාගේ digital presence එක ඇතිකරලා, potential customersලට ඔයාගේ business එක internet එක තුළ හොයාගන්න පහසු කරවීම"
ඔයා තාම ඔයාගේ business එක online ගෙනයන්න පටන්ගත්තා විතරයි නම්, අපි කතාකරන්නේ ඔයාගේ business එකේ digital foundation එක නිර්මාණය කිරීම ගැනයි - සරලවම ඔයාගේ online profiles, ඔයාගේ digital අනන්‍යතාවය සහ ඔයා basic communications කරන විදිය නිර්මාණය කිරීම ගැනයි.
"ඔක්කොටම කලින් ඔයාගෙන්ම මේ ප්‍රශ්න ටික අහලා බලන්නකෝ:"
මේවායින් බොහොමයකට ඔයාගේ පිළිතුර "තවමත් නැත" යන්න නම් - ඔබේ business එක තියෙන්නේ Stage 1 එකේ.
"ඉලක්කය: පාරිභෝගික විශ්වාසය දිනා ගැනීම සඳහා reviews, content සහ හොඳ සන්නිවේදන ක්‍රමවේදයක් භාවිතා කිරීම"
ඔබ online visible වූ පසු, නැත්නම්, business එක online අරන් ගියාට පස්සේ ඊළඟ පියවර වන්නේ ඔබේ විශ්වසනීයත්වය ඔප්පු කිරීමයි. හොඳ reviews සහ පැහැදිලි සන්නිවේදනය තමයි මේ stage එක run කරන්නේ.
"ඔයාගෙන්ම මේ ප්‍රශ්න ටික අහලා බලන්නකෝ:"
ඔයා ඉන්නේ මේ stage 2 එකේ කියල හිතෙනවා නම්, විශ්වාසය ගොඩනැගීම සහ සමාජ සාක්ෂි (trust-building and social proof) කෙරෙහි අවධානය යොමු කිරීමට කාලයයි.
"ඉලක්කය: ඔබේ audience එක grow කරගැනීම හා inquiries (විමසීම්) වැඩි කරගැනීම."
මේ stage එකේ ඉන්න ඔබේ business එකේ, online presence එක ready - දැන් තියෙන්නේ ඔයාගේ business එක වැඩි පිරිසකගේ අවධානයට ලක් කිරීමයි.
"ඔයාගෙන්ම මේ ප්‍රශ්න ටික අහලා බලන්නකෝ:"
ඔයා ඉන්නේ marketing අත්හදා බැලීම් කරන කාලයක නම් - ඔයා ඉන්නේ Stage 3 එකේ.
"ඉලක්කය: ඔබේ Brand එකට සෑම තැනකම professional look & feel එකක් ඇති කරන්න."
මිනිසුන් ඔබේ business එක හඳුනා ගන්නා (recognize) විට, ඔබ තවදුරටත් “තවත් tour guide කෙනෙක්” නොවේ - එතකොට ඔයා brand එකක්. මේ stage එක consistency සහ professionalism පිළිබඳ ය. මේ වචන ලොකු වැඩි නම් බයවෙන්න එපා.
"මේ ප්‍රශ්න ටික ඔයාගෙන්ම අහලා ඉන්නකෝ:"
ඔයා ඉන්නේ ඔයාගේ online identity එක සහ brand image එක polish කරන කාලයක නම් - Stage 4 කියන්නේ ඔයා දැනට ඉන්න stage එක.
ඉලක්කය: කාලය ඉතිරි කර ගැනීමට සහ සේවාව වැඩිදියුණු කිරීමට ඔබේ digital processes එකට වැඩ කිරීමට සැලැස්වීම.
ටිකක් technical වගේ වුණත් බය නොවී පහතින් තියෙන ප්‍රශ්නවලට උත්තර දෙන්නකෝ. ඔයා stage 4 එකත් පහුකරලා ඇවිත් නම්, දැනටමත් brand එකක් සහ audience එකක් ගොඩනගාගෙන ඉන්නේ; - ඒ නිසා ඔයාගේ hard work phase එක ඉවරයි. දැන් තියෙන්නේ smart work.
"ඔයාගෙන්ම මේ ප්‍රශ්න අසන්න:"
ඔබ ඉන්නේ systems, organization සහ automation ගැන සිතන stage එකක නම් , ඔයා ඉන්නේ Stage 5 එකේ.
"ඉලක්කය: ඔබේ ව්‍යාපාරය expand කිරීම - new services, teams හෝ markets කරා..."
ඔයා stage 5 එකත් පහුකරලා ඇවිත් නම්, දැන් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ business එක scale කිරීමයි - ඔයාගේ business එක sustainable (තිරසාර) model එකක් බවට පත් කිරීම.
"ඔබෙන්ම මෙසේ අසන්න:"
ඔබ ඔබේ daily bookings වලින් ඔබ්බට සිතන්නේ නම් - ඔබ growth leadership stage එකට, ඒ කියන්නේ Stage 6 එකට පැමිණ ඇත.
හරි.දැන් අපි ඔයාගේ business එක තියෙන stage එක දන්නවා.
"ඔබ සිටින්නේ කොතැනදැයි දැනගත් පසු, Ceylonico අපිට ඔබට උදව් කළ හැකිය: ඒ මොනවටද?"
"💬 Ready to move to your next stage?"
"එන්න, අදම Ceylonico අපිත් එක්ක ඔබේ Digital Growth එක ආරම්භ කරන්න !"
මේ සම්බන්ධව ගැටළුවක් තියෙනවා නම්, නැත්නම් ඔයාගේ Business Stage එක identify කරන්න බැරි නම් පහතින්ම තියෙන එකට [I need help!] කියන button එක click කරලා Whatsapp හරහා අපිව සම්බන්ධ කරගන්න.